හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයායෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙක්
හැටන් කොටගල ඩ්‍රෙටන් තේ වතුයායේ සහ කොටගල නගරයේ නිරෝධායනයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛසරය අද (30) දින අසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ කම්කරුවෙකු වශයෙන් සේවය කල සේවකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සිවුදෙනෙකු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු කොටගල ඩ්‍රෙටන් වත්තේ අද දින හමු වු රෝගියාගේ පෙර ආශ්රිතයාද පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවකයෙකු වන අතර එම රෝගියා දැනට කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වෙමින් සිටියි.
කොවිඩ් 19 රෝගය වැලදුණු නව ආශ්‍රිතයන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානය යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
මේ හේතුවෙන් කොටගල නගරයද තවදුරටත් වසා දමා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

