තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්න හේතුව වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න ඕන නිසා වගේම නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමට මැදිහත් විමට බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක මුත්තයියා ප්‍රභාකර් මහතා පවසයි.
තලවාකැලේ ඊයේ ( 23) දින පැවති රැස්විමක් අමතමින් මුත්තයියා ප්‍රභාකර් මහතා මේ බව පැවසු අතර එහිදි වැඩිදුරටත් කතා කල ප්‍රභාකර් මහතා,
අද මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කේෂත්රය කඩා වැටිලා. සෞඛ්‍ය සේවය පස්සට ගිහින් සමහර ප්‍රදේශවල පාරවල් නැහැ. රැකියා ප්රශ්නය ලොකුවට තියෙනවා. සංවර්ධනය අඩාල වෙලායි තියෙන්නේ මෙහි සංවර්ධනය ඇති කරන්න ඕන.
ඒ සදහා අලුත් කර්මාන්ත ගෙන්න ඕන. අලුත් කර්මාන්ත ගෙන එන විටයි අලුත් රැකියා ලැබෙන්නේ එහෙම නැතිව රැකියාවන් අපිට නිකං ඇති කරන්න බැහැ. කර්මාන්ත ගෙන්න සැලසුමක් තියෙන්න ඕන ඒ සැලසුම අපි ළග තියෙනවා.
ජනාධිපතිතුමන්ගේ මග පෙන්විම මත අපිට මෙහි අධ්‍යාපනය ඉදිරියට ගෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ පළාතේ තියෙන ප්‍රශ්න බලන්නත් ඕන මේ පළාත අඩු අදායම් ගන්න වැඩිම පිරිසක් ඉන්න පළාතක්. ඒ අයගේ අදායම් වැඩි කරන්න අලුත් දේ ගෙන්න ඕන.
ස්වයං රැකියාවන් මෙහි ඇති කරන්න ඕන වගාවන්ට අලුත් දේවල් ගෙන්න ඕන එම වගාවන් ශක්තිමත් කරන්න ඕන අපි දේශපාලන වේදිකාවල මේ රටට කරන්න ඔන දේවල් කියන්න ඕන. එහෙම නැතිව අනික් දේවල් කතා කරලා ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය නැහැ. හරින් ප්‍රනාන්දු කාදිනල් හිමියන්ට කරපු ප්‍රකාශය අපි හෙලා දකිනවා ඔහු කාදිනල්තුමන්ගෙන් සමාව ගත යුතුයි.
අපි මැතිවරණ වේදිකාවල යම් යම් අයට අපහාස කරන කතා කියන්න අවශ්‍ය නැහැ. අපි හදන අලුත් ආණ්ඩුවෙන් මේ නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව පැහැදිලිව කිව යුතුයි.
(චන්ද සේලලහේවා - හැටන් )
