හෙරොයින් කිලෝ 23ට අවශ්‍ය CCD කොස්තාපල් අත්අඩංගුවට
සපුගස්කන්ද වඩු මඩුවකදී සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ට අදාළව අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය, රත්රන් සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට රාමේෂ්වරම් වෙරළාරක්ෂක පොලීසියට ලද තොරතුරකට අනුව ඉන්දීය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඉන්දීය පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පළා යාමට උත්සහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රාමේෂ්වරම් මැරීන් පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.
සැකකරු ශ්‍රී ලංකාවේ මොණරගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නමැති 30 හැවිරිදි අයෙකි.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

