හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවිම තහනම් කොට ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකු හට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හටය.
වනෝද්‍යානයේ ඇතුලත පිහිටි මහජනතාවට ඇතුළුවිමට තහනම් කොට ඇති විශේෂිත වු තණ පිට්ටනියක් මත මෙම සැකකරු නිකරුණේ ඇවිදිමින් සිටියදි අත්අඩංගුවට ගත් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසන ලදි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, වන සත්ත්ව නියාමක උදාර සංකල්ප යන නිලධාරී මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
ශාන් හුලංනුගේ