හමුදාවට පොලිස් බලතල ලබාදීමට විරුද්ධයි
සාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
නීතිය හා සාමය ආරක්ෂා කිරීම, රට තුළ විනය පවත්වාගෙන යෑමට පොලීසියට අනුයුක්තව විශේෂ කාර්ය බළකාය පිහිටුවා තිබෙන බවත්, ක්ෂ්ත්රයේ වගකීම ඉටු කිරීමට පොලිසියට නොහැකිවීම ගැටලුවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පොලීසියට නිසි නායකත්වයක් නොමැතිවීම නිසා රට තුළ නීතිය ආරක්ෂා කිරීමට නොහැකිවී තිබෙන බවත්, එහි වගකීම බාරගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.

popular news
-
Champa Monday, 01 October 2018 07:22 PM
ආයේ අලුතින් දෙන්න දෙයක් නැහැ. හමුදාවට බලතල තියෙනව රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ඕනෑම දෙයක් නතර කරන්න. වෙලා තියෙන්නේ ........... දේශපාලකයන්ට under obligation දැන්. කලින් තිබ්බ කොන්ද දැන් නැහැ. ඒ හින්දා එයා කොස්සන්ටත් බයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

