හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 200,000සිට රුපියල් 250,000 දක්වාත්, එසේමබරපතළ තුවාල ලබනවින්දිතයන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වාත් වැඩි කිරීමට මාර්ගආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව එය එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාපෙන්වා දෙන පරිදි මාරක රිය අනතුරුවලට වගකිව යුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර,12%ක් ලොරි සහ ටිපර් රථ වේ.
එසේම මාර්ග අනතුරු හේතුවෙන් දිනකදී මියයන පුද්ගලයන්ගෙන් 40%ක් යතුරුපැදිකරුවන් වන අතර,30%ක් පදිකයන් හා 9෴ක්පාපැදිකරුවන් වේ.
කෙසේවුවදමෙම අනතුරුවලින් 47%ක් සවස 06ත් රාත්‍රී 10ත් අතර කාලය තුළදී සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර, අපරික්ෂාකාරී රිය ධාවනය, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය, අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරීම මෙන්ම ප්‍රමිතියකින් තොර හිස් ආවරණ පැළඳීම යනාදී කරුණු ඊට ප්‍රධන ලෙස හේතුවී තිබේ.
මේ අතර මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේප්රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද (01ද) පැවැත්විණි.
ඒ අනුව හඳුනා නොගත් රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතළ ලෙස අනතුරුවලට පත් වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්රදානය කිරීම ඇතුළු තවත් සැමරුම් කිහිපයක්එහිදී සිදුවිය.