හදිසි නීතිය යටතේ මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම යෝජනාවක්
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉදිකළ මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මේ බව පැවසීය. අද (21දා) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ මෙම යෝජනාව ආශු මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කර සිටියේය.
විශ්වවිද්‍යාලයට අයත් සියලූම වත්කම් හා දේපල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වා ගෙන යා යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.
එමෙන්ම සියලුම වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය පියවර ගන්නා ලෙසත් ආශු මාරසිංහ මහතා ඉල්ලා සිටියේය.

popular news
-
rannjith Saturday, 22 June 2019 02:30 AM
කරොත් හොදි නෙතිනම් අන්තවාදය නිසා රට විනාස වෙනවා
Reply : 0 0
ranjith Saturday, 22 June 2019 06:50 AM
බද පුම්බගෙන කෙගහන ඩලස් අලහපෙරුමල තමි මේවට මුල පිරුවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

