හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට ගල් වලින් පහර දි දෙදෙනෙකුට පහර දි තුවාල සිදු කල යාචකයෙකු හැටන් පොලීසිය මගින් අදෙ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.
මානසික රෝගියකින් පෙළෙන යාචකයා හැටන් නගරයේ සැරිසරන අතර අද (02) උදෑසන එකවරම හැටන් නගරයේදි දෙදෙනෙකුට ගල් වලින් පහර දි තුවාල සිදු කර නගර මධ්‍යයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට පහර දි අලාභ හානි සිදු කර ඇත.
කලහකාරි ලෙස හැසිරුණු යාචකයා අල්ලා ගැනිමට ප්‍රදේශවාසින් උත්සාහ කිරිමේදි යාචකයා දිවගොස් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැඟව සිටියදි ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලීසිය වෙත භාරදි ඇත.
හැටන් නගරයේ ඇතැම් තරුණයන් එම යාචකයාට උසුළු විසුළු කිරිම නිසා එම යාචකයා ඇතැම් අවස්ථාවල උසුළු විසුළු කර තරුණයන්ට ගල් වලින් පහර දි පළා යන බවයි හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
කලහකාරි ලෙස හැසිරුණු යාචකයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් රැගෙන අංගොඩ මානසික රෝහල වෙත යොමු කිරිමට කටයුතු කරන බව හැටන් පොලීසියේ නිලධාරියෙකු පැවසිය.
