හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට සිදුවූ ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන අංශ විමර්ශන ආරම්භ කර තිබේ .
මේ වනවිට සිදු කොට ඇති විමර්ශනවලින් රුපියල් ලක්ෂ 97 ක මුදල් අක්‍රමිකතාවයක් පිලිබඳ තොරතුරු අණාවරණය වී ඇති බවත් දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කරගනිමින් සැකසූ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට මෙම වංචාව සිදුකර ඇති තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි විගණන නිලධාරියෙකු සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ බව කියන අධ්‍යාපන කාර්යාලයේ සේවකයා 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවක් ලබා දී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලය වැටුප් සකස් කිරීම සඳහා අනුයුක්ත කර තිබේ.
එමෙන්ම අදාල සේවකයා ඔහුගේ බිරිඳගේ නමටද ගිණුමක් සකස් කොට එයට රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් බැර කර තිබෙන බව විගණන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද සඳහන්.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ෂේන් සෙනෙවිරත්න