සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක්
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබිනි. ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් දිවයිනට ගෙන්වීමට අගමැති මහින්ද රාජපක්ෂ සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සංචාරක ඇමතිවරයා ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මන්ඩල අනුමැතිය පලවී තිබිනි. ඊට අමතරව ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබුනි. මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබු අතර පැමිණිමට පෙරත් හා දිවයිනට පැමිණි පසුත් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීම හා ඔහුන් දිවයින තුල සිටින කාලය තුල අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මේ අනුව සාකච්ඡා කෙරෙමින් පැවතිනි.
ඇමති ප්‍රසන්න රණතුංග සදහන් කලේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිරියේදි රට සංචාරකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවත් තමන් ඇතුළු සංචාරක අංශ ප්‍රදානීන් සංචාරක අමාත්‍යංශ පාර්ශවයේ ඊට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය
popular news
-
Ranjan Monday, 30 November 2020 12:20 AM
ha ha ha wena deyak kiyanna one lankawath thiya rata athulewath yanna bari ekke pitratwal wla aya enne kohamada
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

