සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම්
කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඇය මේ බව පැවැසුවාය.
අදාළ නිර්දේශ මේ වන විට නීතිපතිට යොමුකර ඇති බවත් නීතිපති නිර්දේශ ලැබුණ විට හෙට දිනයේ හෝ අනිද්දා දිනයේදී එම සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට හැකි බවද ඇය සඳහන් කළාය.
එසේම සෞඛ්‍ය නිර්දේශ අනුව මැතිවරණ රැළි යළිත් ආරම්භ කරන බවද ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැතියේය.
popular news
-
Batangala Thursday, 16 July 2020 10:43 AM
janathaawata rali nam dan epawela .....meks mepamana pramaada kale mokada kiyala dan janathaawata therila thiyenne.
Reply : 0 0
Dayan Thursday, 16 July 2020 11:05 AM
She can not think of the part of national value of the gazette to be published on health requirements. There even she is thinking on election rallies. Why do we vote for the selfish people like this. We are carrying a mad system of politics in the country for the last so many years.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
