කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඇය මේ බව පැවැසුවාය.
අදාළ නිර්දේශ මේ වන විට නීතිපතිට යොමුකර ඇති බවත් නීතිපති නිර්දේශ ලැබුණ විට හෙට දිනයේ හෝ අනිද්දා දිනයේදී එම සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට හැකි බවද ඇය සඳහන් කළාය.
එසේම සෞඛ්‍ය නිර්දේශ අනුව මැතිවරණ රැළි යළිත් ආරම්භ කරන බවද ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැතියේය.