සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ ඇරඹිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සුව සේවාවේ නව මාවතක් සනිටුහන් කරමින් ගුණාත්මක බවින් උසස් සුව සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට එතුමිය කටයුතු බව මෙහිදී ප්‍රකාශ කරන ලදි.
වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ,
“සෞඛ්‍ය අමාත්‍යාංශය සංකීර්ණතාවයන් වලින් හෙබි අමාත්‍යාංශයක්. ජනාධිපතිතුමාගේ දර්ශනය හා වැඩපිළිවෙල වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිරෝගීමත් ජනතාවක් මෙරට බිහි කිරීම සදහා රෝග වැළැක්විමට ගත හැකි සියලු පියවර ගැනීමටත්, රෝග නිවාරණය කිරිමට අවශ්‍ය සියලු පියවර ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල ගැසට් පත්‍රය මගින්ම අමාත්‍යවරුන්ට ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිහාසයේ නොයෙකුත් මුල්‍යමය චෝදනා වලට ලක්වුන අමාත්‍යාංශයක්. ඉතාම පිරිසිදු දේශපාලනයක නියුතු මම අවුරුදු 16 ක් පමණ කාලයක් කැබිනට් අමාත්‍යවරියක් විදිහට වැඩ කරනවා. මගේ ඉතිහාසය තුල එක්සත් ජාතික පක්ෂයට යම් කිසි පොඩි චෝදනාවක් හෝ මා වෙත එල්ල කිරීමට ඉඩ කඩක් ඇති අයුරින් අපි කටයුතු කර නැහැ. අපි ඉතා පිරිසිදු දේශපාලනයක් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාල පරිච්ඡේදයේ වැඩ කළා වගේම ඉදිරි කාල සිමාවෙත් ඉතා පිරිසිදුව විනිවිදභාවයකින් යුතුව රටේ ජනතාවගේ අරමුදල් ඉතාම පරිස්සමින්, නිවැරදි ආකාරයෙන් යහපතට යොදවලා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මා කටයුතු කරන බව ඉතාම වගකීමකින් මේ රටේ ජනතාවට මතක් කරනවා.
කොවිඩ් මර්දනය කිරීම සදහා රටක් ලෙස අප ඉතාම වගකීමෙන් කටයුතු කළා. මා විශ්වාස කරන පරිදි දකුණූ ආසියාවෙම, සමහර අවස්ථාවල මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සදහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. මේ සදහා ජනාධිපතිතුමා, අගමැතිතුමා ලබාදුන් නායකත්වය සහ උපදෙස් මතයි අපට රටේ ජනතාව මරණයෙන් මුදා ගැනිමට හැකි වුයේ. අපේ මව් පොළොවේ ජනතාව තුල, සමාජය තුල කොවිඩ් වෛරසය පැතිරිම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනිමට හැකි වූ රටක් ලෙස අපේ රට අපට පත් කර ගැනීමට පුළුවන්. එම සියලු අභියෝග තත්ත්වයන් ජයගැනිමට හැකි වූ මේ රජයට ඉතුරු සියලු අභියෝග ද ජයගත හැකියි”
