සෝභිත හිමියෝ කලකිරෙති
	.gif) දේශපාලන ක්ෂේත්රය තුළ වර්තමානය වනවිට කලකිරීම් ඇති කරන සිදුවීම් අසන්නට හා දකින්නට ලැබෙන බැවින් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්ව හුදෙකලාව සිටීමට තීරණය කළ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ 'අද' ට ප්‍රකාශ කළහ.
දේශපාලන ක්ෂේත්රය තුළ වර්තමානය වනවිට කලකිරීම් ඇති කරන සිදුවීම් අසන්නට හා දකින්නට ලැබෙන බැවින් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්ව හුදෙකලාව සිටීමට තීරණය කළ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ 'අද' ට ප්‍රකාශ කළහ.
තමන් වහන්සේ ගන්නා ලද තීරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දක්වා රැගෙන ආවද තමන් වහන්සේලා බලාපොරොත්තු වූ ජාතික වශයෙන් වැදගත් කාර්යයන් ඉෂ්ට කරගැනීමට නොහැකි වූ බැවින් විශාල කලකිරීමක් තිබෙන බවත්, මින් ඉදිරියට කිසිදු පුද්ගලයෙකු විශ්වාස නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
	වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ, ෙ.jpg) "මම දැන් සියලු කටයුතුවලින් ඈත්වෙලා, මගේ වැඩක් බලාගෙන ඉන්නවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බලාපොරොත්තු වුණු එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වුණා. වැඩක් නැහැ. කාත් එක්කද වැඩ කරන්නේ? අපට ලාභයක්, ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි, රටට යහපතක් බලාගෙනයි වැඩ කළේ. කාටවත් ඒවා එපා නම් මොකද කරන්නේ. මේ ටික මම ජනාධිපතිතුමාටත් කිව්වා" යනුවෙන් පවසා සිටියහ.
"මම දැන් සියලු කටයුතුවලින් ඈත්වෙලා, මගේ වැඩක් බලාගෙන ඉන්නවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බලාපොරොත්තු වුණු එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වුණා. වැඩක් නැහැ. කාත් එක්කද වැඩ කරන්නේ? අපට ලාභයක්, ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි, රටට යහපතක් බලාගෙනයි වැඩ කළේ. කාටවත් ඒවා එපා නම් මොකද කරන්නේ. මේ ටික මම ජනාධිපතිතුමාටත් කිව්වා" යනුවෙන් පවසා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                