රටේ නඩු විමසීම සූම් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක්‍රියාවක් බව රට දැනගත යුතුව ඇතැයි රාමඤ්ඥ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (01දා) පැවැසුහ.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ අධිකරණ ඇමතිවරයාගේ මේ දේශද්‍රෝහී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහා ක්‍රියාත්මක වියයුතු බවයි.
සූම් තාක්ෂණය යනු මේ රටේද භාවිතයට ගන්නා දුරස්ථව අධ්‍යාපන කටයුතු සහ සම්මන්ත්රණ ආදිය පැවැත්වීමට යොදාගන්නා තාක්ෂණික විදියක් බවයි. සූම් යනු ඇමරිකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක් බවයි. එමගින් සිදුකරන සෑම දෙයක්ම ඒ ආයතනයේ වාර්තාවන සහ ගබඩාවන බවද උන්වහන්සේ කීහ.
රාජ්‍ය සහ රටවැසියාගේ පුදගලික රහස් එකතුවී ඇති සංචිතය අධිකරණය බව ද සෝභිත හිමියෝ කීහ. යුද අපරාධ, මානව හිමිකම් සහ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ල අධිකරණයේ විවෘත වන බව ද උන් වහන්සේ කීහ. විදේශීය නීතීඥවරයෙකුට විශේෂ අවසරයකින් තොරව අධිකරණයට ඇතුලූවීම තහනම් බවද උන්වහන්සේ කීහ. සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදුවන විට ඒ තොරතුරු ලෝකයට ම යන වේදිකාවක් බවට පත්වන බවද සෝභිත හිමියෝ කීහ.
ඒ නිසා මේ ක්‍රියාව අපේ රටේ රාජ්‍ය රහස් සොරාගැනීමට උත්සාහගන්නා ත්‍රස්තවාදී සහ රටට විනකරන විවිධ පාර්ශවයන්ට විශාල හැකියාවක් ලැබෙන බවද උන්වහන්සේ කීහ. එය ජාත්‍යන්තර ඔත්තු සේවාවල උවමනාවන් ඉටුකිරිමක් බව ඉතාම පැහැදිලියැයි ද කීහ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ගැන නොදන්නේදැයි ප්‍රශ්න කළ සෝභිත හිමියන් රටට ආදරය කරන කිසිවෙක් මේ විශේෂ විධිවිධාන පනත ගෙන ඒමට ඉඩ නොතැබිය යුතුයැයි ද අවධාරණය කළහ.
පසුගිය දිනවල සිදුවූ කැස්බෑ, තල්මස්, ඩොල්පින් ඇතුලු මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව ගිනිගත් එක්සප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත්වු රසායන ද්‍රව්‍ය නිසා බව විද්වතුන් 39 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත්කර ඇති බව ද සෝභිත හිමියෝ කීහ.
වෙරළට ගොඩගැසූ මුහුදු ජීවින්ගේ මළසිරුරුවලට වඩා වැඩි ප්‍රමාණයක් මුහුදේ ඇති බවට විශ්වස කළ හැකියැයි කී සෝභිත හිමියන් ඒ ගැන සොයා බලන්න කිමිදුම්කරුවන් යෙදවීමට නොහැති ලෙස මුහුද දූෂණය වී ඇති බවද සඳහන් කළහ.
කැලේ ආරක්ෂා කරන්න සිටින අය කැලෑ විනාශ කරනවිට, ඉඩම් රකින්න ඉන්න අය ඉඩම් විනාශ කරනවිට, මහා භාණ්ඩාගාරය රකින්න ඉන්න එය එය කොල්ලකන විට කාට පවසම් ඒ අමාරුව යැයි කී සෝභිත හිමි රටට මහ විනාශයක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදදුවුණ මහ විපත සම්බන්ධයෙන් වගකිවයුතු සියලු දෙනාට දඩුවම් දියයුතු බවද කීහ.
ඒ අතර විද්වත් වර්තා සහ තොරතුරු නොමග යවමින් එක්ස්පස් පර්ල් නෞකාවේ පැත්ත අරං ඊට පක්ෂව කතාකරන නාලක ගොඩහේවා වැනි අයට දඩුවම් දියයුතු බව ද සෝභිත හිමියෝ කීහ. වගකිම් පැහැර හැර ඇති රාජ්‍ය අමති නාලක ගොඩහේවා සත්‍ය වශයෙන් ම සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයැයිද සෝභිත හිමියෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කළහ.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර
