සෙම්බුකුළිය වැවේ තිබි තියුණු කැපුම් තල තොගයක් හමුවෙයි
කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්රමාණයක් ඊයේ (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගෙන ඇත.
සෙම්බුකුළිය වැවෙහි ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකුට වැව තුළ සඟවා තිබූ මෙම සැකකටයුතු පාර්සලය හමුවීමෙන් අනතුරුව එම ධීවරයින් කැකිරාව පොලිස් ස්ථානය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා එම සැකකටයුතු පාර්සලය ආරක්ෂිතව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණ.
යළි ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකි අයුරින් ග්රීස් ගල්වා කුඩා පෙට්ටිවල ඇසුරුම් කර තිබූ එම තියුණු කැපුම් තල තොගය පාර්සලයක් ලෙස සකසා ජලය කාන්දු නොවන ලෙස ඝණ පොලිතීන් ආවරණයක් යොදා පොහොර බෑගයක බහා වැවෙහි ගිල්වා තිබිණ.
මෙලෙස වැවෙහි ගිල්වා තිබූ පාර්සලයේ අඟල් අට හමාර හා දහය යන ප්රමාණයන් දෙකක දිගකින් යුත් තියුණු කැපුම්තල 300කට ආසන්න ප්රමාණයක් තිබිණ.
ඒවා විදේශ රටක නිෂ්පාදිත ඒවා වේ.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් යම් අපරාධයක් සඳහා යොදාගන්නට මෙම කැපුම්තල තොගය මෙලෙස වැවෙහි සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව පොලීසිය සැක පලකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සොයාගත් එම තියුණු කැපුම්තළ තොගය කැකිරාව දිසා මහේස්ත්රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
එප්පාවල තිසර සමල්

popular news
-
rocky Tuesday, 28 May 2019 06:07 AM
රැවුල කපන්න රාවණාගේ කාලේ ගෙන්නපුවා වෙන්නැති!
Reply : 0 0
Champa Tuesday, 28 May 2019 10:15 AM
මේවා ඇත්තටම මොකට ගෙනපුවද? අනික මෙච්චර ගොඩක්? ලොකු සංහාරෙකට ලැස්ති වෙලා ඉඳල තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා මරාගෙන මැරෙන බෝම්බ පිපිරුම ඉක්මන් වෙලා තියෙනව. වහල් ආණ්ඩුවට ඕනේ වෙන්න ඇති ඇමරිකාවත් එක්ක ගිවිසුම අත්සන් කරන කොට ඇමරිකන් හමුදාවක් ලංකාවේ ඉන්න. මැයි මාසේනේ ඕක අත්සන් කරන්න හිටියේ. බදියුදීන්ගෙයි අර දොස්තරගෙයි කතා අස්සේ රනිල් හොරට ගිවිසුම අත්සන් කරන්න ඉඩ තියෙනවා. මෛත්රී කිව්වට එපා කියල දැන්, 2017 ACSA දීර්ඝ කරලා තියෙනව අවුරුදු කීයකටද දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

