සූෆි පූජක සෙයික් අද්නාන් ඝාතනය බොදුබල සේනා හෙළා දකියි
වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී ඊයේ (23දා) බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.
ඝාතනයට ලක්වූ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි සුෆි මුස්ලිම් පුජකතුමා වහාබි, සලෆි, ඉහ්වාන් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව වැඩසටහන් රාශියක් තාර්කිකව ඉදිරිපත් කළ අයකු ලෙස හැදින්වේ.
2013 වසරේදී ද මෙවැනිම ආකාරයෙන් ෂෙයික් මුහම්මද් සයිද් රමළාන් නැමති සුප්‍රසිද්ධ සුෆි පුජකතුමාව පල්ලියක් තුළ බොම්බ තබමින් ඝාතනය කර ඇතැයිද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බොදු බල සේනා සංවිධානය මෙම කෘර ඝාතන තරයේ හෙළා දකින බවත් ආගම නාමයෙන් සිදුකෙරෙන මෙවැනි ඝාතන කිසිම හේතුවක් මත අනුමත කිරීමට නොහැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
“වහාබි, සලෆි, ඉහ්වාන් මතවාදවලින් ගොඩනැගුනු ISIS පන්නයේ ක්‍රියාකාරකම් සමාජය තුල ව්‍යාප්තවීම අන්‍ය ජාතිකයන්ට මෙන්ම සාම්ප්‍රධායික, ඝාතන අප්‍රිය කරන සහ සාමයට ලැදි මුස්ලිම් ජනසමාජයට ද දැඩි ලෙස බලපාන කාරණයක් බව මෙම ඝාතන ඔස්සේ පැහැදිලි වේ.
ලෝක සුෆි මුස්ලිම්වරුන් අන්තවාදයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරිමටත් ත්රස්තවාදීන් බිහිකිරීමට බලපාන මූල බීජ හඳුනාගෙන එම ඉගැන්වීම් ලෝකයෙන් තුරන්කර දැමීමටත් බොදු බල සේනා සංවිධානය ලෝක සුෆි මුස්ලිම් ප්‍රජාව හා සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
කනිෂ්ක Saturday, 24 October 2020 03:51 PM
ගැටලු නැත්නම් පැවත්මක් ද නොමැත. 'පාඩුවේ ඉනු මැන කරුණාකර'
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

