සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කළේ ඔහු දෙල්කඳ පොළේදී කළ කතාවට බවට සෑම දෙනෙක් විශ්වාස කළත් ඔහු ඉවත් කළේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණ තොරතුරු අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
"හැමෝම හිතන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කළේ දෙල්කඳ පොළේදී කළ කථාවට කියලා. නමුත් මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයක් කියලා එකක් තියෙනවා. එයින් එන තොරතුරු ආණ්ඩුව පිළිබඳව වෙන්න පුළුවන්, රටේ ආරක්ෂාව ගැන වෙන්න පුළුවන්. විකල්ප ආණ්ඩු තැනීම් සම්බන්ධ වෙන්න පුළුවන්.
දේශපාලන වාතාවරණය ගැන වෙන්න පුළුවන්. ඒ හා බැඳුණ තොරතුරු රාශියක් හේතුවෙන් තමයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ඉවත් කිරීම සිදු කරන්නේ.
නිමල් ලංසා මැතිතුමා විවේචනය කළේ රටේ වැඩපිළිවෙළ නෙමෙයි. ගෑස් පිළිබඳ ප්‍රශනය අපිත් විවේචනය කරනවා. යම් අමාත්යාංශයෙක් ඇමතිවරයෙකු භාර දුන්නාම ඒ වගකිම ඉටු කළ යුතුයි. එහෙම කරන්න බැරිනම් ඉල්ලා අස්විය යුතුයි"