කෘෂිකර්මාන්තයේදි ජල සම්පාදනයේදි ,ජල මෝටර් සඳහා ඉන්ධන භාවිතය වෙනුවට ,සුර්ය විදුලි බල ශක්තිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරන බව සුර්ය බල ,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක මහතා පවසයි.
සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයක් ඒ මහතාගේ නිවසේදී අද පැවැත්විණු අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
ඉන් අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා,
අද අපි හැමෝටම ඉතාමත් සතුටු දවසක්, ඉතිහාසය බලපුවහම කැබිනට් මණ්ඩලයක් ඉතාමත් ක්‍රමවත්ව පත් කරපු පළමු වැනි අවස්ථාව, රටක් වෙනස් වෙනවා කියන එක අපිට පේන්න දකින්න තියෙනවා. වෙනදා ගත්තම ඇමතිවරු වෙනම දිවුරුම් දෙනවා. රාජ්‍ය ඇමතිවරු වෙනම දිවුරුම් දෙනවා මේ වගේ ක්‍රමයක් තිබුණේ නෑ. අද නුවර මගුල් මඩුවේදී රටේ ඉදිරි අනාගතය මොන පැත්තටද යන්නේ කියලා ඉතාම පැහැදිලිව පේන විදිහට, ඉතාමත් හොඳන් ඒ වැඩේ සිද්ධ වුණා. ඒ වගේම අමාත්‍යංශ බෙදීමේදීත් අපි ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි, වෙනදා අමාත්‍යංශ බෙදන්නේ පැත්ත බලලා, පුද්ගලයා බලලා, හැබැයි මේ පාර අමාත්‍යංශ බෙදන කොට රටේ සියලු අංශයන් ටික ආවරණය වන පරිදි, ඒ සියලු අංශයන් ඉලක්කයක් හා වැඩපිළිවෙලක් එක්ක, බලාපොරෝත්තුවක් එක්ක තමයි මේ පාර අමාත්‍යංශ ටික බෙදලා තියෙන්නේ.
වෙනද ගත්තම ඔබතුමන්ලා දන්නවා, ඇමති යටතේ තව ඇමති කෙනෙක් ඉන්නවා, වාහන ටික තියෙනවා, තනතුරු තියෙනවා. ඒ ටික පාවිච්චි කරන එක විතරයි වෙන්නේ. ඔබතුමන්ලා දකින්න ඇති මට ලබා දීලා තියෙන අමාත්‍යංශයේ ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 05 තුළ, එතුමා මේ රට වෙනස් කරන්න යන සියලුමට ටික ලබා දීලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මගේ අමාත්‍යංශයට. විදුලි බලයේ තියෙන 80% ක් , තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ නැතිව සුලං බලය, ජල විදුලිය, සූර්ය බලය , ගෑස් ටික භාවිතා කරලා කොහොමද අපි 80% ක් විදුලිය ජනනය කරන්න අපි සූදානම් කරනවා ඉදිරි වසර 05 තුළ , ඒ වගේම ව්‍යාපෘති රාශියක කටයුතු අපේ අමාත්‍යංශයට ලබා දී තිබෙනවා. මේක ඔබතුමන්ලාට හිතෙන්න පුලුවන් මේකෙන් අනුරාධපුරයට මොනවද කෙරෙන්නේ කියලා. මම ඉල්ලීමක් කරනවා අපි කලින් හිටිය මතවාදයෙන් ඉවත් වෙන්න ඕන කියලා. දුමින්දට ඇමතිකමක් ලැබෙන්න ඕන අනුරාධපුරයට වැඩ කරන්න, තව කෙනෙක්ට ඇමතිකමක් ලැබෙන්න ඕන එයාගේ පැත්තට වැඩ කරන්න කියන සංකල්පයෙන් මිදුනොත් තමයි අපේ රට හදන්න පුළුවන්කම තියෙන්නේ.අද මම ඇමතිවරයෙක් වෙලා තියෙන්නේ රටේම මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඔබතුමන්ලා වාසනාවන්තයි රටේම ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් අපේ පළාතේ තියෙන අවුව හොදටම වැටෙන ප්‍රදේශය තමයි අනුරාධපුරය.එහෙම නම් අපිට සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී අපේ නිවාස වලට අදායමක් ලබා ගැනීමටත්. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් මේ මගින් අමතර වාසියක් අනුරාධපුරයට ලැබෙනවා. ඒ වගේම ගොවිතැනටත් විදුලිය භාවිතා කිරීමේදී වෙනත් ක්රමයන් මගින් විදුලිය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට වගාවට වතුර ගහන්නත් යොදා ගන්නේ භූමිතෙල්, ඉදිරියේදී අපි සූර්ය කෝෂ මගින් වතුර ගහන්න අපි සූදානම් කර ගත්තොත් අපිට ගොවිතැනටත් ශක්තියක් වෙනවා, විශාල වෙනසක් මේ රටේ වෙනවා. අපි ගෝඨාභය මහත්තයා එක්ක මේ රට වෙනස් කරන්න ඕන කියලා, කියපු කට්ටිය, සාම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි, වෙනස්ව හිතලා, අලුතින් හිතලා මේ රට වෙනස් කරමු කියපු අය, ඒ නිසා අපි හැමෝටම ඉදිරි වස 05 තුළ විශාල කැප කිරීමක් තියෙනවා.
