සුඛෝපභොගී වාහනවලට වෙනම තෙල් බද්දක් දාන්න
තෙල් මිල වැඩි වීමට තම පක්ෂය විරුද්ධ බවත් මෝටර් සයිකල්, ත්රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
මිල වැඩි වීමේ බර ජනතාව අතර බෙදී නොයන ලෙස ඉන්ධන මිල වැඩි කර ඇති හෙයින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ, විශාල සුඛෝපභෝගී වාහනවලටද එසේම යතුරුපැදිවලටද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බවයි.
ඒ අනුව මෝටර් සයිකල්, ත්රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, එහිදී සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන අමාත්‍යාංශයේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
"තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ අපේ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංෂික පෙරමුණ සම්පූර්ණයෙන් විරුද්ධයි. තෙල් මිල සම්බන්ධයෙන් අපගේ යෝජනාව වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට, මගී ප්‍රවාහනයට, මෝටර් බයිසිකල්වලට සහ ත්රිවීලර්වලට සහනදායී තත්ත්වයක් ඇති වන ආකාරයට මේ තෙල් මිල වැඩිකළ යුතු බවයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා අතර ප්රමුඛ වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට පොදු ප්‍රවාහන සේවයට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල්වලට සහ ත්රිවීලර්වලට යම් ආකාරයක සහනදායී මිල මට්ටමක ඉන්ධන සැපයීම පැවතිය යුතුය යන්නයි.
විශාල සුඛෝපභෝගී වාහනවලටත්, මෝටර් සයිකල්වලටත් එක වගේ තෙල් මිල වැඩිකිරීම කිසිසේත් සුදුසු නැති බවයි අපි අදහස් කරන්නේ. මෝටර් සයිකල් ත්රීවිලර් වැනි වාහනවලට සහනයක් දිය යුතු අතර, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නෑ.
අපි කවුරු කවුරුත් මේකේ අමාරුව බර දරාගන්නවා නම්, අන්න ඒ පුළු පුළුවන් හැටියට රටේ ජනගහනය අතරේ මේ බර බෙදී යනවා නම්, එහෙනම් එකට අපි එකඟ වෙන්න පුළුවන්. එහෙම බෙදී යන ආකාරයට මෙම තෙල් මිල වැඩිවීම සිදුවී නොමැති නිසයි අපි මෙම වැඩිකිරීමට විරුද්ධ වන්නේ" යැයිද පැවසීය.
popular news
-
vishwa Tuesday, 22 June 2021 01:38 PM
Then innocent people of the country have to bear that cost also for all parliament members. Tikiri brain
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

