අකුරැස්ස, කනංකේ නිවසක තිබූ කැබ් රථයක් පසුපසට ගැනීමෙදී කැබ් රථයේ පසුපස නැගී සිටි දරුවෙක් වැරැන්ඩා කොටසට හිරවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇති අවුරුදු 03ක් වන දරුවාගේ සීයා මෙසේ කැබ් රථය පසුපසට ගෙන තිබේ. කැබ් රථය ධාවනය කළ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.