පැල්වත්ත සීනි සමාගමට අයත් පොහොර ගබඩාවකින් පොහොර මිටි 60කට ආසන්න ප්රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී පොහොර මිටි 25ක් සොයා ගැනීමට හැකිව ඇති අතර පොලීසිය විසින් පොහොර ප්රවාහනයට යොදාගත් ත්රීරෝධ රථයක් සහ ටිපර් රථයක්ද සිය භාරයට ගෙන ඇත.
පැල්වත්ත සීනි සමාගමට අයත් ගොනගංරාර, දියකිරිත්ත ප්රදේශයේ පොහොර ගබඩාවේදී මෙම සොරකම සිදුව ඇති අතර එහිදි එම සමාගමේ සේවය කළ මුරකරුවන් බිය ගන්වා යූරියා ඇතුළු රසායනික පොහොර මිටි තොගයක් මෙලෙස සොරකම් කර තිබුණි.