සීනි ආනයන බලපත් අත්හිටුවයි
සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජය තීරණය කළේ ඉදිරි මාස හය හතකට අවශ්‍ය සීනි තොග පුද්ගලික ආනයනකරුවන් විසින් ගෙනවිත් රැස්කර තබාගෙන සිටින නිසා බදු පැනවීමක් කළහොත් පාරිභෝගිකයා සූරාකෑම වැළැක්වීමට යැයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා ඊයේ (26දා) පැවසීය.
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ්රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන ඇතුලු කුඩා භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පිටරටින් සීනි ආනයනය කිරීමේ දී කිලෝවකට රුපියල් අනූ හයයි ශත විස්සකට වැඩි ප්‍රමාණයක් වැයවන බවයි.
පසුගිය කාලයේ මෙන් සීනි කිලෝවකට රුපියල් පනහක බද්දක් පැනවුවහොත් අනුහයට ගේන සීනි කිලෝව එකසිය පනහකට හැටකට පාරිභෝගිකයාට ගන්නට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
නමුත් මාස හය හතකට අවශ්‍ය සීනි තොග ගෙන්වා ඇති ව්‍යාපාරියන් කලින් ගෙනාපු සීනි තොග වෙළඳපොළට නකුත් කරන්නේ නවබදු මුදල් ද ඇතුළත් කර මිල වැඩි කිරීමෙන් බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
පාරිභෝගකි ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණු ඇතිව සීනි හිඟයක් ද නොඑන ලෙස සඟවා ඇති සීනි තොග වෙළඳපොළට නිකුත් කරවා ගැනීමට සීනි ගෙන්වීමේ බලපත්‍ර තාවකාලිකව නතර කළ බවද ඔහු පැවැසීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ. නානායක්කාර
popular news
-
Kumar Sunday, 27 June 2021 07:46 PM
I wonder who buy pricy Sri Lankan products. Kaduju we buy is imported from Vietnam at a much lower price than in Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

