
හුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම සම්බන්දයෙන් ඊයේ (18) දින අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සිර මැදිරිය තුලදී මිය යාම සම්බන්දයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වනුයේ හම්බන්තොට රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරි විසින් සිදුකරන ලද මරණ පරීක්ෂණයේදී මෙම මරණය හෘදයාබාදයක් හේතුවෙන් රුධිර වාහිණී අවහිරතාවයක් නිසා සිදුවූ මරණයක් ලෙස සඳහන් කර ඇති බවයි.
ඊයේ දින මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 61ක් නම් වූ රන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රේමතිලක අමරවීර යන අයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේදි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්යක් මත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.