සිරියානු නායකයා හදිසි රුසියානු සංචාරයක
සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ හදිසි රුසියානු සංචාරය බටහිර ලෝකය සලිත කළ සිදුවීමක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2011 වසරේදී සිරියාවේ සිවිල් යුද්ධය ඇරඹීමෙන් පසු බෂර් අල් අසාද් විදෙස් රටක නිරත ප්‍රථම සංචාරය වීම මෙහි තවත් සුවිශේෂත්වයකි.
මෙම සංචාරයේදී මොස්කව් නුවරට පැමිණි අසාද් රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය මාසයේදී රුසියාව සිරියාවේ ක්‍රියාත්මක අයිඑස් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් මෙන්ම අසාද් පාලනයට එරෙහි තවත් සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළේය.
මෙම සංචාරයේදී අසාද් පවසා සිටියේ රුසියාව සිරියාව වෙත සහාය දැක්වීමත් සමග එරට තුළ ත්‍රස්තවාදය පැතිරීම හා එහි හානිකර තත්ත්වය යටපත් වෙමින් පවතින බවයි.
රුසියානු නායකයා කියා සිටියේ මෙම ප්රහාරයන් හිදී වේගවත් හා ඵලදායී ප්‍රතිඵල අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, මෙම අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් අත්පත් කරගැනීමට හැකි වන්නේ සියලු දේශපාලන කණ්ඩායම්, ජනවර්ග හා ආගමික කණ්ඩායම්වලින් සැදුම්ලත් දේශපාලන විසඳුමකින් පමණක් බවද පූටින් අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

