සිනෝෆාම් කර්මාන්තශාලාවට ධනාත්මක ප්රතිචාර
සිනෝෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගම ධනාත්මක ප්රතිචාර දැක්වූ බව චීනයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය පවසන්නේ සිනෝෆාම් ආයතනයේ ආරාධනාවක් අනුව තානපති ආචාර්ය පාලිත කොහොන මහතා හා තානපති කාර්යාල නිලධාරීන් අද දිනයේදී බීජින් හි පිහිටි එම කර්මාන්තශාලාවේ නිරීක්ෂණයකට එක්වූ බවයි.
මෙහිදී ශ්රී ලංකාවට සිනෝෆාම් එන්නත් මාත්රා මිලියන 23ක් ලබාදීම පිළිබඳව තානාපතිවරයා එම සමාගමට ස්තූතිය ප්රකාශ කර තිබේ.
එසේම එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්රී ලංකාවේ ස්ථාපනය කිරීම හරහා සමාගමට ඇති වාසිදායක තත්ත්වයද මෙහිදී පැහැදිලි කර තිබේ.
මිට පෙර සැප්තැම්බර් 07දාද තානාපතිවරයා එම ආයතනයට ගිය අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ලිපියක්ද සමාගමේ සභාපතිවරයා වෙත භාරදෙනු ලැබීය.



popular news
-
Andrew Wijewickrama Thursday, 23 September 2021 04:46 PM
This is really good move.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

