මෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සිංහල ක්‍රමයට අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ඉංග්‍රිසි ක්‍රමය නොතිබීම පිළිබඳව ඇතැම් අය දුක්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
පරිසර ඇමති ලෙස මහින්ද අමරවීර මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (14දා) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළය..
ඇතැම් අමාත්‍යවරු හමුවීම මහජනතාවට තබා තමන්ට ද අසීරු වු අවස්ථාවන් පැවැති බව කී උන්වහන්සේ දේශපාලඥයින් විනාශ කරන්නේ ජයග්රහණයෙන් පසුව ඔවුන් වටා එක්වන ඇතැම් රහස් කියන පිරිස් විසින් බවද උන්වහන්සේ සඳහන් කළහ.