බදුල්ල, ඔලියමණ්ඩිය ප්‍රදේශයේ නිවසක් තුළදී 25 හැවිරිදි විවාහකයෙකුට පහරදී ඝාතනය කලැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංවට ගනු ලැබූ සැකකරුවන් 4 දෙනෙක් හා සැකකාරියක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.
පසුගිය 24 වනදා සිදුවූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ බදුල්ල කරුණාපුර පදිංචිව සිටි මෙහොමඩ් රමේෂ් (25) නමැත්තෙකි.
ඔහු කලකට පෙර සිදුරගත් පළමු විවාහයේදී ළමුන් දෙදෙනක් සිටින අතර මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිරදඩුවම් ලබා ඇති අයෙක් බවත් සිරදඩුවම් ලබා පැමිනීමෙන් පසු 21 හැවිරිදි තරුණියක් සමග ප්‍රේමසම්බන්ධයක් පවත්වා ඇය සමගින් නිවසින් පැනගොස් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
මේ පිළිබදව එම තරුණියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මරණකරු හා එම තරුණිය පොලිසිය ට කැදවූ අතර එහිදී තමා එම තරුණියද විවාහ කරගත් බවට විවාහ සහතිකයක් ඉදිරිපත් කළ බවද පොලිසිය සඳහන් කරයි.
මේ අනුව දෙපාර්ශවය සමථයකට පත්වී පොලිසියෙන් නික්ම ගොස් තිබේ .
ඉන්පසු තරුණියගේ පියා විසින් තම දියණිය හා මරණකරු
වෑන්රියක නංවාගෙන ඔලියමණ්ඩියේ පිහිටි තම නිවසකට කැටුව ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය .
එහිදි ඇතිවූ බහින් බස්වීමක් දුරදිගගොස් ඇතිවූ ගැටුමකදී මෙම පහරදීම සිදුව ඇති බවත් ඒ සදහා පිත්තල පහණක් ඇතුළු පිත්තල භාණ්ඩවල කොටස් යොදාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය .
පහරදීමෙන් පසු තුවාලකරු ත්‍රීරෝද රථයකින් බදුල්ල මහ රෝහලට යවා ඇති නමුත් රෝහල්ගත කරන විටත් ඔහු මරණයට පත්ව සිටි බවද පොලිසිය සඳහන්කළේය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙවැනියට විවාහ වූ බිරිදගේ පියා,මව, සහ සහෝදරයෙක්ද , ත්‍රීරෝද රථයෙන් තුවාල කරු රැගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක්ද වන බව පොලිසිය පැවසීය .
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා විසින් මහේස්ත්‍රාත් ස්ථානීය පරික්ෂණය සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසත් මෘත දේහය බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝගකළේය .
ඒ අනුව බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා සහ අධිකරණ වෛද්‍ය අකිල රත්නායක යන මහත්වරු විසින් අද (26) දා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වනු ලැබීය .
මොට ආයුධකින් පහරදීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා මෙම මරණය සිදුව ඇති බව පශ්චාත්මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ .
මෘත දේහය ඊයේ (26) සවස මරණකරුගේ මවට බාරදුන් බව බදුල්ල පොලිසිය පැවසීය .
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල හා බදුල්ල දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත
බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජිව විජේරත්න මහතාගේ මෙහයවීම යටතේ බදුල්ල පොලිසියේ අපරාධි විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .
බදුල්ලේ පාලිත ආරියවංශ