2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුව පවසන්නේ, 011 2 784 208, 011 2 784 537, 011 3 140 314 යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවය.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) අන්තර්ජාලයට මුදාහැරි බව විභාග කොමසාරිස් ජනරාල් සතත් පූජිත මහතා සඳහන් කළේය.