අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020) ප්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.
මෙම විභාගයට සිසුන් 622,000ක් පමණ පෙනී සිටි අතර නැටුම්, සංගීතය, චිත්‍ර ඇතුළු ප්‍රායෝගික විෂයන්ට අදාළව පරීක්ෂණ නොපැවැත්වීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා ඇත.
මේ වනවිට අනෙකුත් විෂයන් 08ට අදාළව ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව විභාග දෙපාර්තමේන්තුව සතුව පවතින අතර ප්‍රායෝගික විෂය නොමැතිව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද සාකච්ජා කර ඇත.
විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති වුවත් විභාගයට පෙනීසිටි දරුවන් රැසක් මේ වනවිට උසස් පෙළ විෂයන් හැදෑරීම සඳහා උපකාරක පංතිවලට ඔන්ලයින් ඔස්සේ සහභාගි වන බවට ද විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ.