විනාඩි තුනකින් අපරාධකරුවෙකු හඳුනාගැනීමට අදාළව හඳුන්වාදීමට නියමිත ස්වයංක්රීය ඇඟිලි සලකුණු පද්ධතිය දැයට කිරුළ ප්රදර්ශන භූමියේදී හෙට (27දා) විවෘත කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව දැයට කිරුළ ප්රදර්ශන භූමියේ පිහිටා ඇති පොලිස් ප්රදර්ශන කලාපයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පද්ධතිය විවෘත කිරීමට නියමිතය.
පසුව එම පද්ධතිය මුළු දිවයිනම ආවරණය වන අයුරින් සියලුම පොලිස් ස්ථානවලට ලබාදීමටද නියමිතය.