සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී පොලීසියට ලැබුණ තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25 – 41 අතර පසුවන පානදුර, මඩොල්සිම, හම්බන්තොට, මීගහතැන්න, වක්වැල්ල හා මොරටුව පදිංචිකාරිනියන් වෙයි.
මේ අතරින්එ එක් කාන්තාවක් අදාළ සම්භාහන මධ්‍යස්ථානය කළමණාකරණය කළ කාන්තාවක් බව පොලීසිය කියයි. සැකකාරියන් අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.