සහල් ගැන ගැටලු 4ක් ඩඩ්ලි කියයි
කිසිම අඩු කිරීමකින් තොරව වී මිල දී ගැනීම මේ දිනවල පවතින මිල ගණන්වලට අඛණ්ඩව සිදු කිරීමටත් ලංකාවට අවශ්‍ය සහල් තොග නිෂ්පාදනය හා බෙදා හැරීමට තිබෙන යම් යම් බාධක ඉවත් කර දෙන්නේ නම් අඛණ්ඩව සහල් තොග සැපයිය හැකි බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පොලොන්නරුවේ දී පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු පිළිබදව පැවති සාකච්ඡාවක දීය.
“අපට සහල් නිෂ්පාදනය හා සම්බන්ධ මූලිකම ගැටලු 4ක් තියෙනවා. අංක එක ප්‍රවාහන කටයුතු. මොනතරම් තීන්දු තීරණ ගත්තත් පහළට සන්නිවේදනය වීමේ ගැටලු ගොඩක් තියෙනවා.
දෙවෙනි කරුණ තමයි අපගේ ආයතනවල වැඩ කරපු සේවකයින් ගෙන්නා ගැනීම. ඒ සේවකයින් දිවයිනේ බොහෝ දුර බැහැර ගම්බිම්වල ඉන්නේ ඒ අය මාධ්‍ය හරහා වෙනත් ක්‍රමවලින් දැනුවත් කරලා අපේ ආයතනවලට ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙලක් හදා ගන්න ඕන.
තුන්වන කරුණ තමයි අපේ තොග ලබා ගෙන ගමේ පාරිභෝගිකයාට දෙන සිල්ලර කඩ හෝ සුපර් මාකට් වැනි ව්‍යාපාර.විවෘත කිරීම,අපි සහල් ප්‍රවාහනය කරත් ඒවා ගන්න මේ ආයතන තිබිය යුතුයි.ඒ සදහා විශේෂ ක්‍රියාමාර්ගයක් සූදානම් කර දෙන්න.
4 වන කරුණ මේ රටේ අස්වනු නෙලන කාලේ නිසා ගොයම් කැපීම සහ වී ප්‍රවාහනය කිරීම අතිශයින් ම අවධානය යමු කළ යුතුයි .මගේ සහල් නිෂ්පාදක සියලු දෙනාගෙන් ම ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ගොවියාගේ අස්වැන්න පවතින මිල ගණන්වලට ගන්න. කිසි සේත්ම අඩු කරන්න එපා. වී මිලදී ගැනීම හා ලංකාවට අවශ්‍ය තරම් සහල් තොග සැපයීමට අපි පොරොන්දු වෙනවා."

popular news
-
Lion' Monday, 23 March 2020 06:00 AM
මුන් ඉන්නේ කලදුටු කල වල ඉහගන්න මිසක් මිනිසුන්ට උදව්වට Nemi .මේ වෙලාවේ මේ යෝදයට Hal ටොන්ගානක් නැති බැරි මිනිසුන්ට නොමිලේ senna තිබුන මුන් පල් horu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

