සහරාන්ට උදව් කළ අය ආණ්ඩුවත් එක්ක පාර්ලිමේන්තුවේ ඡන්දය දෙනවා
සහරාන් සමග සබඳතා පැවැත්වූ උදවිය වර්තමානය වන විට ආණ්ඩුව හා එක්ව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
“පසුගිය රජය අපකීර්තියට පත්කිරීමටත් නව රජය බලයට පත්කිරීමටත් පාස්කු ප්‍රහාරය විශාල ලෙස යොදාගත්තා. කුමන්ත්‍රණයක් තිබුණාය, මහ මොලකරුවන් සිටියාය කියලා කිව්වේ අපි නෙමෙයි.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට යුක්තිය ඉටුකරනවා ඒ අය කිව්වා. ඒ සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරණයක් ගෙන ගියා. යහපාලන කාලයේ අත්අඩංගුවට ගත් පිරිස ඇරෙන්න අලුතෙක් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.
අවුරුදු දෙකක්. ඇමෙරිකාවත් නඩු පවරා තිබෙනවා. පිටිපස්සේ හිටපු චරිත කවුද කියන එක විසදන්නත් ආණ්ඩුව ක්‍රියාමාර්ග අරගෙන නෑ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරනවා කිව්වට කියපු කිසිම දෙයක් නෑ. සහරාන්ට උදව් කරපු නැගෙනහිර පළාත් දේශපාලඥයින් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙනවා.
පළාත් සභා මැතිවරණයේත් ඒක අපිට දැක ගන්න පුළුවන්. ආණ්ඩුව මේ ක්‍රියාදාමය වසන් කරන්න කරන්න බරපතල ප්‍රශ්න නැගෙනවා”
popular news
-
Kumar Monday, 20 September 2021 01:47 AM
may rajaya balayata pathkala ayat wirudhdhawa yamak keloth siyallama eliwenawa neda.
Reply : 0 0
lelwala Monday, 20 September 2021 02:28 AM
You were strong minister of previous government . You were very silent at that time. Just tel us how many cabinet ministers for minority ? Your government was please to only minority.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

