රජය විසින් ලබාදෙන සහනාධාර පෙහොර අලෙවි කිරීම කෘෂිකර්ම උපදේශකවරයාගේ නිර්දේශ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සිදුකිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළවළු, පලතුරු හා ක්ෂේත්රෙභා්ග සඳහා නිකුත් කරන සහනාධාර රසායනික පොහොර මේ අනුව අලෙවි කිරීමට නියමිතය.
සහනාධාර පොහොර අලෙවි නියෝජිතයන් විසින් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි අනුව මෙම තීරණය ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 50ක සෘජු පොහොර මිටියක මිල රුපියල් 1000ක් වන අතර මිශ්‍ර පොහොර මිටියක මිල රුපියල් 1150ක් වෙයි.
එසේම පොහොර බෙදා හැරීමේ නියෝජිතයෙක් මෙම මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරයි නම් 011-3403931/011-3403794 යන අංකවලට අමතා දන්වන ලෙසත් රජය සඳහන් කරයි.