කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොත්මලේ වැවන්ටන් දමිළ මහ විද්‍යාලයේ සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබු ඥානවඩිවු නැමති තිදරු පියෙකි.
එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු අවස්ථා කිහිපයකදි විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලීසිය මගින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම නාවලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.
විදුහල්පතිවරයාගේ බිරිඳද එම විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්, විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදි පැමිණිලි කළත් ඒ පිළිබඳව විදුහල්පතිගේ බිරිඳ කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
අපයෝජනයට ලක් වුවේ යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති විමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.
තම පාසලේ තවත් සිසුවියන් කිහිපදෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසිමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලීසිය විසින් පැමිණිලි සටහන් කරගැනිමෙන් අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සදහා ගම්පොළ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඊයේ දින හමුවු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාට ඉල්ලිමක්ද කර ඇත.
