සරසවි සිසු මරණයට මිලියන 20ක වන්දි ඉල්ලයි
පොලීසියේ වෙඩි තැබීම නිසා මිය ගිය බවට සැක කෙරෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස විශේෂ කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් එකඟ වූ බව යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිත කන්දසාමි රජීබන් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ඊයේ (02දා) කොළඹදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හමු වී පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහදී මිය ගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් එක් පවුලකට රුපියල් මිලියන දහය බැගින් වන්දි මුදලක් ලබාදෙන ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස මෙම සාකච්ඡාවේදී ඉල්ලීමක් කොට තිබේ.
මේ සතිය ඇතුළත පත් කෙරෙන විශේෂ කොමිසම සතියක් අතුළත එහි වාර්තාව ලබා දීමෙන්් පසු කොමිසම මගින් ලබාදෙන නිර්දේශයන්ට හා නියමයන්ට අනුව සුදුසු වන්දිමුදලක් ලබාදීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකඟ වූ බව ශිෂ්‍ය සංගම් නියෝජිතයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
