සියලුම කෘෂිසේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
සේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.
සේනා දළඹුවා දිවයිනේ සියලු ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් බෝග රැසකට හානි කිරීම හේතුවෙන් දිවයින පුරා සියලුම කෘෂිකර්ම නිලධාරීන් සහ සේවකයින් හෙට සිට වගා භූමි ක්ෂේත්‍ර පරික්ෂා සඳහා අනිවාර්යයෙන් යායුතු බවත් සේනා දළඹු ව්‍යාප්තිය පිළිබඳ දෛනික වාර්තා සකස් කරමින් එම ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන් සක්‍රීය දායකත්වය ලබාදිය යුතු බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

popular news
-
Winil Wednesday, 23 January 2019 08:40 PM
සමස්ථ ලංකා ජාතික ඒකාබද්ධ ගොං සම්මේලන සභාපති කූට ගමයා හට පිස්සුද දන්නැ.. ඔය කියවන්නේ.ව්‍යසනයේ පෙරනිමිති යනු ප්‍රකාෂ නිකුත්කරන බලධරයින්ද හුදු "කන බණය"ම පවසන rocky ලා වැනි තමුන්ද යන්න වග ජීව විද්‍යාවේ හය හතර වත් නොදැන ඇමරිකන් දෙමුහුන් බීජ ගැන මඩ ප්‍රචාර ගසන්නන් ගෙන් විමසුවොත් උන්ට දීමට උත්තර නොමැත..!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

