සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි
- 29 06 2021
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පහළොස් ලක්ෂ 96,487 ක්.
එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන් ලක්ෂ 51,007 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් 1,141 දෙනෙකුට ලබා දී තිබෙනවා.
ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 74,040 ක්.
එම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබා දී තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
