සෝමාවති රක්ෂිතයේ සිදුවන වන විනාශය
සෝමාවැතිය ජාතික උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි නිරික්ෂණයක නිරත වෙමින් පොලොන්නරුව ලංකාපුර ශාසනආරක්ෂක බලමංඩලයේ හිටපු සභාපති සහ ශ්‍රි ශාඛ්‍යා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිස අද (18) පැවසුහ.
සෝමාවැතිය ජාතික උද්‍යානයේ වන විනාශය වු මංතලාව ප්‍රදේශය යටිහලගල උපතිස්ස නාහිමි ඇතුඵ හිමිවරු පිරිසක් සමග ප්‍රදේශවාසින් පිරිසක් එම ස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එම ස්ථානයට ගියහ.
පසුව එම ස්ථානය නිරික්ෂණය කිරිමෙන් පසු නාහිමි මෙසේ සඳහන් කළේය.
"මේ ප්‍රදේශයට කියන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ මංතලාව කියලයි. නමුත් දැන් දක්නට තිබෙන තත්ත්වය නම් කනගාටුදායකයි. කැලේ ඔක්කෝම ගස් කපලා අලුතින් වගා කරන්න බිම් සකස් කරලා. ඒ මදිවට ඇළවලුත් කපලා.
සුංගාවිල වනජිවි කාර්යාලයේ නිලධාරින් කියන්නේ අවසර නැතුව මේ උද්‍යානයට ඇතුල්විමටවත් අවසරයක් නැති බවයි. නමුත් වන විනාශය කළ පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට අරන් නෑ.
ඇළවල් කපන්න අරන් ගිය ඩ්රොසරය සහ එය අරන් ගිය පුද්ගලයා විතරක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අවස්ථාවේ ඩ්රොසරය අත්අඩංගුවට ගන්න ගිය වනජිවි නිලධාරින්ට පහර දුන් එක් අයෙකුත් අත්අඩංගුවට අරන් තියෙනවා. තව පස් දෙනෙක් ඉන්නවා ඒ අය අත්අඩංගුවට අරන් නැ. අපි කියන්නේ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යන වග නෙවෙයි. රටේ පොදු නීතියක් තියෙනවා. ඒ නීතිරිති කඩ කරන පුද්ගලයා හෝ ජාතිය වැදගත් නෑ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.
අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ගස් කපන කියත් සහ වඩුමඩු තහනම් කලාට මදි වනාන්තර විනාශ කරන මොකා වුණත් කමක් නෑ. වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. නීති නැති නම් නිති හදලා හරි ජාතිය කුලය තනතුර නෙවේයි වැදගත් වැරදි කරන මොකා හරි අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන එකයි. මේ සෝමාවැතිය ජාතික උද්‍යානය රැකගන්න මම පුදුම කැපකිරිමක් කලා යුද්දේ කාලේ ඉදලා. හැබැයි මේ අපරාධය කරපු උන් වහාම අත්අඩංගුවට නොගත්තොත් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න කටයුතු කරනවා" යනුවෙනි.


popular news
-
Champa Wednesday, 19 June 2019 09:19 AM
මෙච්චර හරියක් කලේ කොහොමද රක්ෂිත වනාන්තරයක? ඇලවලුත් කපල. අනිවාර්යයන්ම දේශපාලකයෙක් පස්සෙන් ඇති. දේශපාලන රැකවරණ නැතුව මෙහෙම කරන්න බැහැ. කෝ මේවා බලන්න කිසිම කෙනෙක් නැද්ද? පරිසර ඇමති නෙමෙයි කියත් ඇමති කියල තනතුර වෙනස් කරන්න තිබ්බේ. පරිසර ඇමති පරිසරය රැක ගැනීම හැර අනිත් ඔක්කොම කරනවා. ඉස්සෙල්ල කරන්න ඕනේ ගස් කපන එවුන් අල්ලන එක. පලවෙනි එක නොකර අන්තිම එක හෙවත් වඩු මඩුව තහනම් කරන්න යනවා. හාමුදුරුවෝ ගිහින් බලපු එක හොඳයි. නැත්නම් මිනිස්සු මේවා ගැන මුකුත් දන්නේ නැහැ.
Reply : 0 0
Sanath Wednesday, 19 June 2019 12:07 PM
පරිසර ඇමති බුදිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

