සමඟි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්රීක් අපේක්ෂකයකුට මැර ප්රහාරයක්
සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ රන්න ප්රදේශයේ පදිංචි දර්ශන ප්රදීප් නම් තංගල්ල ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තංගල්ල මාරකොල්ලිය ප්රදේශයේදී අදාල අපේක්ෂකයාගේ ඥාතීයකුගේ මංගල සාදයකට සහභාගී වී සිටියදී මෙම ප්රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි. දේශපාලන කතාවක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර ආරවුලක් හටගෙන ඇතැයිද ඉන් අනතුරුව 15කගෙන් පමණ සමන්විත පිරිසක් අදාල මන්ත්රීවරයා ඇතුළු පිරිසට පහර දී ඇතැයි පොලිසිය කියයි.
අනීෂා මානගේ

popular news
-
Don Thursday, 20 August 2020 08:36 PM
Games started at District level.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

