සභාග ආණ්ඩුවක් ගැන නාමල්ගේ අදහස කියයි
සභාග ආණ්ඩුවක් සකස් කරන්නේ නම් ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කර එය මහින්ද රජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට හැකිවිය යුතු බව සභා ආණ්ඩුව සම්බන්ධයෙන් තම අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය සභාග ආණ්ඩුවක් පිළිබඳ යොමුව තිබෙනවා. පක්ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමට සිදුවෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුයි.
ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් මෙම තීරණය ගත යුත්තේ රටේ අනාගතයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර එය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක්ය යන්න ස්ථාවරයේ මම සිටිමි.”
සභාග ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ මතය හෙට (09දා) 'අද' පුවත්පතේ 'කුරහන් සුවඳ' තීරු ලිපියෙන් බලාපොරොත්තුවන්න..

popular news
-
Nandana Monday, 08 October 2018 09:53 PM
මෙයා කවුද මේ , අමු ගොන් කතා පල නොකර ඉන්න
Reply : 0 2
Silva Tuesday, 09 October 2018 07:37 AM
මහින්ද නායකයා අගමැති විය යුතුයි, බැසිල් බාප්පා සර්වබලදරී ඇමති ත්, චමල් මහප්ප වරාය, නාවික, ගුවන්, කුශිකර්ම, බුද්දසාසන, සෞක්‍ය , ප්‍රවාහන හා අද්යාපන ඇමති විය යුතුයි , ගෝටා බාප්පක්,ආරක්ෂක, නාගරික සංවර්දන, උස්සස් අද්යාපන, වාරිමාර්ග, මහා මාර්ග ඇමති විය යුතුයි, නාමල් වන මම විදේශ, තරුණ කටයුතු, ක්‍රීඩා, විදුලිසන්දේශ්, කාන්ත කටයුතු, හස නිතිය හා සාමය ඇමති ලෙසත් මගේ මල්ලිලා සර්ව බලදාරී විෂයක් නොමැති ඔක්කොම විෂයන් අයත් ඇමතිලා වියයුතුයි..... අනිත් ඔක්කොම මන්හ්රීල එහෙයියන් නියෝජ්‍ය ඇමතිලා විය යුථුඉ... ඔන්න ඔ9ක තමයි වේදසටහන.. මහින්ද චින්තනය යලි නෙගිටිමු III....
Reply : 0 8
ase Tuesday, 09 October 2018 09:14 AM
"කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුයි." මේවා අහල පන පලයන් පෙරේද කිවලු ජනතාවට මොනවා උනත් මගේ නඩු බේරුනොත් ඇති නේද අය්බෝවන්.
Reply : 0 9
rocky Tuesday, 09 October 2018 06:46 PM
සිල්වා මහත්තයෝ. තව ටිකක් අඩුයි නේද? ශිරන්ති රාජපක්ස ආර්යාව මහා බැංකු අධිපති .. සාරුව ගොය්යා කාන්තා කටයුතු පිලිබඳ අමාත්‍ය හැටියට පංකාදුයි., ජාලිය වික්‍රමසිංහ, නිශාන්ත වික්‍රමසිංහ, විමලේ, පොකැට් කටා ආදී සහචරයන් අමතක කරන්න නාකයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

