සුබ්‍රමනියම් ස්වාමි මැදමුලනට එයි
භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාව ප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහාත් ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳහා ආරාධනා කිරීමටත් ඔහු මෙසේ මැදමුලනට පැමිණ තිබේ.
චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය මැදමුලන නිවසේ තැන්පත් කර තිබේ. ස්වාමි මහතා පිළිගැනීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
මහින්ද රාජපක්ෂ මහතා හා සුබ්‍රමනියම් ස්වාමි මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.





popular news
-
Champa Wednesday, 22 August 2018 05:49 PM
සුබ්‍රමනියම් MRගේ long time යාලුවෙක් නේද? ඉන්දියාවේ දෙවෙනි පන්තියේ නායකත්වයේ ඉන්න හොඳ මිනිහෙක්. හැබැයි කවදාවත් ඊට උඩට එන්න බැහැ.
Reply : 3 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

