සබරගමුව පළාත් අක්ෂි රෝහල දෙසැම්බර් මස දී ජනතා අයිතියට පවරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය දා (22) සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ එදින රඹුක්කන රෝහල පරිශ්‍රයේ ඉදිකෙරෙන සබරගමුව පළාත් අක්ෂි රෝහල නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.
සබරගමුව පළාතේ ඉදිකෙරෙන ප්‍රථම අක්ෂි රෝහල වන මෙම රෝහලේ ඉදිකිරීම් සඳහා පමණක් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 1370කි.
අක්ෂි ශල්‍යාගාර තුනක්, එක්ස් - රේ හා ඊසීජී ඒකක, ලේ බැංකුවක්, ඇඳන් 200කින් සමන්විත වාට්ටු සංකීර්ණයක්, පරිපාලන ඒකකයක්ද දැනට ඉදිකර ඇති සිව්මහල් ගොඩනැගිලි සංකීර්ණයේ සමන්විතය.
රඹුක්කන රාජපක්ෂ