සීනි සිල්ලර මිළ වැඩිකරන්න බෑ
ලෝක වෙළෙඳපොළේ අතිරික්ත සීනි සැපයුමක් හේතුවෙන් ජාත්‍යන්තර සීනි මිල බෙහෙවින් අඩුවී ඇති බැවින් සීනි සඳහා පනවා ඇති නව බදු හේතුවෙන් සීනිවල සිල්ලර මිල වැඩිකිරීමට කිසිදු අවසරයක් නොදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල මහා අස්වැන්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg ක් සඳහා රු. 75 සිට රු. 55 ට වඩා අඩුවී ඇත. මෙම මිල අඩුවීම නිසා දේශීය සීනි නිෂ්පාදකයන්ට අවාසියක් වීම වැළැක්වීම සඳහා සීනි සඳහා පනවා තිබූ රු. 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරමින් ආනයනය කරනු ලබන සීනි සාමාන්‍ය බදු ව්‍යුහය යටතට පත්කර ඇත.
ඒ අනුව, පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ව්‍යුහය යටතේ තීරු බදු, වරාය ගාස්තු හා ජාතිය ගොඩනැගීමේ බද්ද ආදිය වශයෙන් ආනයනික සීනි 1 kg කට රු. 42 ක පමණ බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව, විවෘත වෙළෙඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාවය සමග සසඳන විට නව බදු පැනවීමෙන් පසුව වුවද ආනයනකරුවන් හට සීනිවලින් මිල වාසියක් අත්වේ.
එහෙයින්, මෙම බදු පැනවීම හේතුවක් කරගෙන සීනි ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සීනිවල සිල්ලර මිල වැඩිකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කර බවත් සීනි මිල පසුගිය වසර කිහිපයක් තිස්සේ නිරන්තරව අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට සැලසීමේ අටියෙන් සීනි සඳහා පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කළ බවත් ඒම නිවේදනයේ දැක්වෙයි. එහෙත්, අවශ්‍යතාවයක් වුවහොත් එම උපරිම සිල්ලර මිල යළි පැනවීමට කටයුතු කරන බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.
popular news
-
Ruwan Thursday, 20 September 2018 08:24 AM
මෙමගින් ලැබෙන වාසිය සතොස මගින් ලබාදී සතොසට ජනතාව ලංකර ගැනීමට රජයක් ලෙස ප්‍රති උත්තර සැපයීමට හැකිවිය යුතුයි. එසේ නොමැතිව පුවත් පත් නිවේදන මගින් ජනතාවට වන සෙතක් නොමැත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

