සේනා නැසු ගොවි මහතා
බඩ ඉරිඟු හා අනෙකුත් බෝග වගාවන් විනාශ කර දමමින් මෙරට තුළ ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින "සේනා" නම් ආක්‍රමණශීලී දළඹු විශේෂය, මෙරට නිෂ්පාදිත දිලීර නාශකයක් භාවිතා කරමින් සාර්ථකව විනාශ කර දැමූ ගොවි මහතෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.
තිරප්පනය, තෝඩාමඩුව ගම්මානයේ ගොවිතැන් කරමින් ජීවිකාව ගෙන යන, පී.විජේසිංහ මහතා(56) මෙවර වගා කළ අක්කර දෙකකට වැඩි බඩ ඉරිගු වගාව සේනා නම් දළඹු විශේෂය හේතුවෙන් විනාශයට පත්වෙමින් තිබූ අවස්ථාවේදී, භාවිතා කළ දිලීර නාශකයක් මගින් එම දළඹුවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව බඩ ඉරිගු වගාව යළි සාර්ථක තත්ත්වයට පත්ව හොඳ අස්වැන්නක් ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් අප බී.විජේසිංහ ගොවි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
" මා වසර ගණනාවක සිට බඩ ඉරිගු වගාව හා වී ගොවිතැනෙහි නිරත වනවා. මේ කන්නයේ බඩ ඉරිගු වගාවට පණුවන් විශේෂයක් බෝ වෙලා විනාශයට පත් වෙමින් තිබුණා. දෙවතාවක් කෘමි නාශක ගැහුවට සාර්ථක වුනේ නෑ. පසුව දැන ගන්න ලැබුණා, එම පණුවන් "සේනා" නම් දළඹු විශේෂයක් බව, මේ හේතුවෙන් බඩ ඉරිගු වගාව පිළිබඳ ආශාව මා අත හැරලයි තිබුණේ.
පසුව මා මේ පිළිබඳව මගේ මස්සිනා වන කේ. රත්නපාල ට කිව්වම ඔහු කිව්වා, දුම්කොළ වලට ගහන්න ගෙනාපු දුම්කොළ තෙල් තියනවා අරන් ගිහින් ගහන්න කියලා. පසුව මම, එම තෙල් ගහලා බලනකොට එම පණුවන් විශේෂය බඩ ඉරිගු කරල තුළින් එළියට ඇවිත් බිම වැටී මැරී සිටියා. භූමිය තුළ එක පණුවෙක් වත් නැහැ.
මේ සම්බන්ධයෙන් අප කෟෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
සේනා දළඹුවා සම්බන්ධයෙන් දැනට කෟෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. තිරප්පනේ පදිංචි මෙම ගොවි මහතා භාවිතා කළ කෘමිනාශකය සම්බන්ධයෙන් අප මේ වන විට සොයා බැලීමක් කරමින් තිබෙනවා. එය සාර්ථක නම් කෟෂිකර්ම අමාත්‍යංශ විදිහට අපිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට පුළුවන්.
අනුරාධපුර - චතුරංග


popular news
-
Kumar Tuesday, 15 January 2019 11:09 PM
සේනා දලබුවන් විනාශ කරන්න යෙදු දිලිරනශකය ශරීර වලට හිතකරද? ශරීරයේ විෂ පෙරන අක්මාව, වකුගඩු වැනි ඉන්ද්‍රියන්ට දීර්ගකාලීන හානියක් මෙවැනි රසායනික ද්‍රව්‍ය වලින් සිදුවිය හැකිද යන්න සොයා බැලුවොත් හොද බව ලියන්න ඕනේ නෑනේ. මම දන්නා තරමින් සමහර ගොවියෝ පතෝලවැනි දෑ ආරක්ෂාවට ඇමෙරිකාවේ රෝස මල් කන කෘමි විනාශ කරන ගසේ මුලින් ගසට උරා ගන්න විස රසායනික ද්‍රව්‍යක් යොදනවා. රෝස මල් ඇල්ලුවට වරදක් නැතත් කන කෘමීන් මැරෙනවා. මේ වැනි දේ සොයා බලා කටයුතු නොකලොත් අනාගතයේ ඇතිවන රෝග පැමිණිලි නොකර ඉන්න තමා කරන්න තිබෙන්නෙ. ඔය කියූ ගොවිමහතගේ ක්‍රියාව හොදනම් මම ඉන්න රටේ අක්කර දහස් ගනනක් විනාශ කරන සෙන දලබුවා ඔය අකාරයෙන්ම මුලුමුලින්ම විනාශකරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

