සුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේෙ.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නීතිඥ අරුණ ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අවස්ථාවේදී සභාපතිවරයා යෝජනාවක් ගෙන එමින් පැවැසුවේ රජයේ අනුග්‍රාහය ඇතිව අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ අයාලේ සුනඛයින් සුරැකීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බවයි.
මෙම යෝජනාවට මුලින්ම විරුද්ධවුවේ සභාපතිවරයාම නියෝජනය කරන පොදු ජන පෙරමුණේ උප සභාපති කමල් වැල්ලගේ මහතායි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ල ඩෙනට් පනියන්දුවගේ මහතා සහ එම පක්ෂයම නියෝජනය කරන ඉන්ද්‍රා අයිරාංගනී ,එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාහුල ලලිත අබේවික්‍රම සහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී එස් .එම්,සරත් යන මන්ත්‍රීවරුන්ද සභාපතිවරයාගේ යෝජනාවට පක්ෂව කතා කළහ.
මේ හේතවෙන් සභාව තවත් උණුසුම් විය. කෙසේ වෙතත් පසුව ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමට කටයුතු කිරීමට සභාව තීරණය කළේය.
සුසිල් ප්‍රියන්ත