සජිත් ජනපතිගෙන් ප්‍රශ්න 6කට පිළිතුරු ඉල්ලයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී ජාතිය ඇමතීමට නියමිත අතර එහිදී ප්‍රශ්න 6ක් සසඳහා පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
• පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
• පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
• එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
• ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.
• කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)
• කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම
යන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
popular news
-
Deepal Nirosh Friday, 25 June 2021 02:03 PM
මේව නිසි බලධරයාගෙන් මිස ජනපතිගෙන් අහන්නෙ මොළයක් නැතුව ද? නව මුදල් ඇමතිතුමා නුදුරු දිනක දී මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දී වැඩ භාරගත් පසු ඔබතුමාලට පාර්ලිමේන්තුවේදීම නිසි පිළිතුරු ලැබේවි. පොඩියක් ඉවසන්න. වැඩි වූ තෙල් මිල නැවත පහළ හෙලනව කියා දැනටමත් යෝජිත මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරල යි තියෙන්නෙ. අපි බලා ඉමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

