මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ඇමති වරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුව තුල ශාරීරික හානි එල්ල කිරීමට කටයුතු කළ බවත් ඒ පිළිබඳව අපිට විදිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම කථානායවරයාට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වී තිබෙන බව අද (06දා) පාර්ලිමේන්තුව ඉදිරිපිට සමගි ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳමන් කළේය.
මේ අතර අදාල සිදුවීම මුල් කර ගනිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභාගර්භයට පිවිසීමෙන් වැලකී සිටි අතර පසුව ඔවුන් කලු පටි පැලද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙලෙස විරෝධතාවයක නිරත වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
මේ වන විට සමගි ජන බලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්රචන්ඩත්වය දියත් කරන්නට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ගණනාවක් මනූෂ නානායක්කාර මහතාට ප්‍රහාර එල්ල කරලා, තර්ජන එල්ල කරලා ශාරීරික හානි පමුණුවන්නට කටයුතු කරලා තිබෙනවා. මේ ප්‍රහාරය ඉදිරියේ වර්ථමාන කථානායකවරයා නිරුත්තරයි. ඔහු නිහඬයි. මේ වන විට කථානායකවරයාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දෙන්න බැරි වෙලා තිබෙනවා. මන්ත්‍රීවරුයෙකුගේ ආරක්ෂාව රැකගැනීම කථානායකවරයාගේ වගකීමක්. නමුත් තමන්ගේ වගකීම් ක්‍රියාත්මක කරන්න බැරි කථානායකවරයෙක් අද පාරලිමේන්තුවේ සිටින්නේ. විශේෂයෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පසුගිය දින වල ඔහුගේ කතාවෙන් අනතුරුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවක් ඔහුට ශාරීරික හානි එල්ල කරන්නට කටයුතු කළා. ඒ පිළිබඳව අපිට විදිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ තැනේ ඉදල විපක්ෂයට ඇවිත් එසේ ප්‍රහාර එල්ල කරන්න කටයුතු කරපු සියලුම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව කථානායකවරයා අනිවාර්යෙන්ම පියවර ගන්න ඔ්නී. ඒ වගේම කථානායකවරයා ඔහුගේ වගකීම ඉටු කරන්න ඔ්නී. කථානායක කියන්නේ නිර්පාර්ශවික පුද්ගලයෙක්. මධ්‍යස්ත වූ පුද්ගලයෙක්. නමුත් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේත් විශ්වාසය පැහැර හැරලා තිබෙනවා මේ වර්ථමාන කථානායකවරයා. ඒ නිසා අපි ඔහුට තරයේ ප්‍රකාශ කර සිටිනවා අනිවාර්යෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂා තහවුරු කරන්න ඔහු කටයුතු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ඒ ප්‍රහාරය එල්ල කරන්න කටයුතු කරපු ඒ මැති ඇමතිවරුන්ට විරුද්ධව යම්කිදි පැහැදිලි පියවරක් ගන්න ඔ්නී. තීන්දුව ලබා දෙනකන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ. මොකද පාර්ලිමේන්තුව තුල අද භීෂණය, රාජ්‍ය ත්‍රස්ථවාදය, මැර ප්‍රහාරය, භීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවේ මැති ඇමතිවරු තමන්ගේ බහුතරය උපයෝගී කරගෙන අපේ හඬ නිහඬ කරන්න විශාල උත්සාහයක් දරනවා. පැහැදිලිව කියන්න ඔ්නී. අපි බියගුලු නිවටයින් නෙවෙයි. නමුත් අපේ කථා කිරීමේ අයිතිය වෙනුවෙන් අපි නැගී සිටිනවා. භාෂනයේ නිදහස තහවුරු කරන්න බැරි පාර්ලිමේන්තුවක් තුල මොන සාකච්ඡාද, මොන කතාද? ඒ නිසා පැහැදිලිවම අද පාර්ලිමේන්තු සම්ප්‍රධායක කඩ කරමින් පාර්ලිමේන්තු ක්‍රියාදාමට කනපිට හරවලා අද ඒකපාර්ශිකව රජය තමන්ගේ නොහැකියාම ඉදිරියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මැර ප්‍රහාර. ආණ්ඩුවේ තමන්ගේ ගෝලබාලයන්ට, එහෙයින්නට, කුලියට කහින කොට්ටාසයට සුපිරි සැලකිලි. මෙවන් තත්ත්වයක් අපිට පිළිගන්න බැහැ කථානායකතුමනි. කරුණා කරලා මේකට පියවර ගන්න. නිර්වින්දනය වූ පුද්ගලයෙක් බවට එහෙ මෙහේ බල බල ආණ්ඩුවේ නිලධාරීන්ගේ, මැති ඇමතිවරුන්ගේ උපදෙස් මත කතා කරන කථානායකවරයෙක් නොවී කථානායක පුටුවේ අපක්ෂපාතීව කටයුතු කරන්න තමුන්නාන්සේ සූදානම් වෙන්න ඔ්නී. එසේ නොකලොත් තමුන්නාන්සේට වටින්නේ නෑ ඔය කතානායක පුටුව. ඒ නිසා මම ඔබට කියා සිටිනවා කශේරුකාව කෙලින් තබාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න. යනුවෙන්ද සඳහන් කළේය.