සමගි ජනබලවේගයට පාර්ලිමේන්තු ක්‍රමය ගැන උපදෙස් දීමට හොඳම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ගොස් ඇති නිසා මේ වන විට විපක්ෂ නායක හැටියට සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතා බවද, සභානායකවරයා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ, 2021.12.07 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
"රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමාට යන්න පුළුවන් ඉවත් වෙලා කියලා. අපි කවුරුත් එතුමාට ඉවත් වෙලා යන්න කියන්නේ නෑ. ඔබතුමාට පේනවනේ දැන් එළියට ගිය අය කවුරුත් නැති නිසා ඔබතුමා තමයි දැන් විපක්ෂ නායක හැටියට ඉන්නේ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා සභාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අය ඔබතුමාගෙනුත් ඉවත් වෙලා ගිහිල්ලා.පොඩ්ඩක් උපදෙස් දීලා, පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අවබෝධයක් ඒ අයට ලබාදෙන්න, කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. මොකද ඒක ඉතාම වැදගත්.
දෙවෙනි කාරණය, මට සිහිපත් වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා කියපු කාරණය. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල ඔබතුමා ඇමති කාලේ ඔබතුමාගේ වැය ශීර්ෂය දවසෙත් මෙහෙම දෙයක් වුනා. එදා වැය ශීර්ෂය සම්මත වුනා. සම්මත කරන්නන්ට, ඔබතුමා නැගිටලා කළ ප්‍රකාශය, ඔබතුමාට මතක ඇති, මම ඒක සිහිපත් කරන්නේ නෑ, කතානායකතුමනි. ඒ නිසා මේ අලුත් අය ඇවිල්ලා, යම්කිසි දෙයක් ජ්‍යෙෂ්ඨ අයගෙනුත් දැනගෙන කටයුතු කරනවා නම්, මම හිතන්නේ ස.ජ.බ. ට , රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි, හොඳම, උපදෙස් දෙන්න මේ වෙලාවේ ඉතුරුවෙලා ඉන්නේ.”