සිංගප්පූරුව අනුගමය කළේ බහුතර සුගතියයි
සමාජයේ යම් යම් කොටස් මිත්‍යාව හා භීතිය මවාලමින් ජනතාව නොමග යවන සුළු අදහස් පතුරවමින් සිටිය ද, බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා, ආදායම් මාර්ග හා ඉහළ ජීවන තත්වයක් බැවින්, සිංගප්පූරුව හැමවිට ම බහුතර සුගතිය සලසන පිළිවෙතක් අනුගමනය කළ බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා පෙන්වා දුන්නේය. මීට දශක ගණනාවකට පෙරාතුව ඒ අරමුණ ඇතිව සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ආදර්ශ බොහොමයක් ලබා ගත් බවත් බාලක්‍රිෂ්නන් මහතා අවධාරණය කළේය.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (28 දා) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමග හැනොයි නුවර පෑන් පැසිෆික් හෝටලයේ දී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
අතීතයේ ලංකාවෙන් ආදර්ශ ලැබූ සිංගප්පූරුව මේ වන විට පුළුල් ඉදිරි ගමනක යෙදෙමින් සිටියත්, ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරලීම නිසා ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක් වුණු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යහපාලන රජය උත්සාහ දරන්නේ ඒ ගමන යළි ආපසු හරවා, ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරලීමට බව ද පැවසීය.
මේ සාකච්ඡාවේ දී වත්මන් ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික ප්රවණතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. සමාජ හා ජනමාධ්‍ය හරහා ගෝත්‍රික හා ඕපාදූප සමාජයක් නිර්මාණය වීමේ අවදානම ගැන ලෝකය පුරා සිදු කෙරෙන අධ්‍යයනයන් සම්බන්ධව ද අවධානය යොමු විණි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කාර්යයන් උදෙසා එල්ල විය හැකි අභියෝගයන් ගැන ද අදහස් හුවමාරු කර ගැනිණි.

popular news
-
Champa Tuesday, 28 August 2018 04:59 PM
ගෝත්‍රික හා ඕපාදූප සමාජයක්????? තමන්ගේ රටට අහිතකර දේවල් කරන එකට විරුද්ධ වෙන එක කතාකරන එක ගෝත්‍රික හෝ ඕපාදූප වුනේ කොහොමද? - "ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරලීම.." ඒක යකාගේ කතාවක්නේ. තමන්ගේ රට ගැන කතාකරන එක ඒ රටේ හැම පුරවැසියාගේම පෞද්ගලික න්‍යායපත්‍රයක් තමයි. අනිත් එක හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා තමන් කැමති දේශපාලනයේ යෙදෙන්න. ඒක කොහොමද පටු අරමුණක් කියන්නේ? රනිල් හැමදාම කලේ රටරටවල් ගානේ රස්තියාදු ගගහ තමන්ගේ රට විවේචනය කරණ එකයි රටේ ජනතාව නූගත් ගෝත්‍රිකයන් විදියට හඳුන්වා දෙන එකයි තමයි. තමන්ගේ රටේ ඉතිහාසය දන්නේ නැති මංගල 2015 ඉන්දියාවට ගිහින් කිව්වා සිංහලය පැවතෙන්නේ සතෙක්ගෙන් කියල. එතකොට මංගල විදේශ ඇමති. විජය හොරාගේ තාත්තගේ නම දන්නැති විදේශ ඇමති. විජය හොරා ලංකාවට එනකොටත ලංකාව දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ රටක්. ඇඳුම් නැතිව හිටපු ආදම් සහ ඊවාගෙන් යුරෝපා ශිෂ්ඨාචාරය පටන් ගනිත්දී, විජය හොරා ලංකාවට එනකොට අපේ කුවේණි හිටියේ යන්ත්‍රයකින් කපු කටිමින් කියල කියනවා. ඒ වුනාට රනිල්ට මේ රටේ මිනිස්සු පටු අදහස් තියෙන පෞද්ගලික න්යායපත්ර වලට වැඩ කරන ගෝත්රිකයන්ලු .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

